ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ සමාප්ති උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) –වොලිබෝල් ක්‍රීඩාව තුළින් දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංචිත ගතකර ජාත්‍යන්තර තරග සදහා ඉදිරිපත් කිරිමේ අරමුණින් 12 වන වරටත් අඛණ්ඩව පවත්වන ලද ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ සමාප්ති උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පස්වරුවේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

මෙදින මෙම තරගාවලිය කාණ්ඩ 04 ක් යටතේ විවෘත අංශයේ පිරිමි/ කාන්තා සහ වයස අවුරුදු 22 ක් පහළ පිරිමි/කාන්තා වශයෙන් පැවැත්විණි.

ඒ අනුව විවෘත අංශයේ පිරිමි ශූරතාවය දිනූ කටාන ඒකාබද්ධ ක්‍රීඩා සමාජයට සහ කාන්තා ශූරතාවය දිනූ කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජයට රුපියල් එක් ලක්ෂ පනස්දහස බැගින් චෙක්පත්, රන් සම්මාන සහ සහතිකපත් ජනාධිපතිතුමා අතින් ප්‍රදානය කෙරිණි.

එමෙන්ම වයස අවුරුදු 22 න්් පහළ පිරිමි අංශයේ ශූරතාවය දිනාගත් යුනයිටඩ් ක්‍රීඩා සමාජයට සහ කාන්තා ශූරතාවය දිනූ ගලිගමුව සිරි පැරකුම් ක්‍රීඩා සමාජයට හිමි රුපියල් ලක්ෂයක චෙක්පත්, රන් සම්මාන හා සහතිකපත් ප්‍රදානය කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

 

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලයේ සභාපති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, උප සභාපතිනි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, පා.ම. අශෝක ප්‍රියන්ත, වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඒ.එස්. නාලක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four − 4 =