නාමයෝජනා බාරදෙන අවසන් දවසේ පොලීස් ආරක්‍ෂාව වැඩිවෙයි

(කොළඹ, ලංකාපුවත්) – පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා බාරදෙන අවසන් දිනය තුළ රාජකාරී කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 15,000ක් යෙදවීමට සැලසුම් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

පළාත් පාලන ආයතන 248ක් සඳහා නාමයෝජනා බාරගැනීම ඊයේ (18) ආරම්භ විය. එය ලබන 21වනදා දහවල් 12.00න් අවසන් වීමට නියමිතය.

ප්‍රධාන දේශපාලන පක්ෂ බොහෝමයක් අවසන් දිනය තුළ නාමයෝජනා බාරදීමට නියමිත බැවින් ඒ සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

මැතිවරණ කාලසීමාව තුළ පෙළපාලි සහ පෙරහැර ගමන් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බවද රුවන් ගුණසේකර මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *