(කොළඹ, ලංකාපුවත්) – ජගත් එක්දින ක්‍රිකට් තුන්ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් හි තෙවන ස්ථානයට ඇන්ජලෝ මැතිව්ස් පත්ව තිබේ.
ඉන්දියාව සමග පැවති එක්දින තරගාවලිය නිමාවීමත් සමග මෙම නවතම ශ්‍රේණිගත කිරීම් ඉදිරිපත් කොට ඇත. මේ අනුව මැතිව්ස් ස්ථාන දෙකක් ඉදිරියට පැමිණ තිබේ.
මෙම ශ්‍රේණිගත කිරීමේ පෙරමුණ ගෙන ඇත්තේ පාකිස්තානයේ මොහොමඩ් හෆීස් ය. සකීබ් අල් හසන් දෙවන ස්ථානයේත් මොහොමඩ් නබී සිව්වන ස්ථානයේත් පසුවේ.