මුම්බායි වෙළෙද සැලක ගින්නක් – 12 ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ මුම්බායි නගරයේ වෙළෙද සැලක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇතැයි ද හින්දු පුවත්පත වාර්තා කර ඇත.

මුම්බායි නගරයේ රස කැවිලි වෙළෙද සැලකයි ගින්න හටගෙන තිබේ. ගින්නෙන් පිළිස්සීමට ලක් වූ පුද්ගලයන් 12දෙනා රෝහල් ගත කරන විටත් මියගොස් සිටි බව වාර්තා වේ.

මියගිය පුද්ගලයන් එම වෙළෙදසැලේ සේවකයන් වන අතර ඔවුන් එම වෙළෙසැලේම නවාතැන් ගෙන සිට ඇත.

ගින්නට හේතුව මෙතෙක් හෙළිව නෙමැති අතර ගෑස් සිලින්ඩරවලින් සිදු වූ ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙය ඇතිවන්නට ඇතැයි සැක කෙරේ. සුන්බුන් කොටස් අතර සිලින්ඩර දෙකක් තිබී සොයා ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *