රු. ලක්ෂ 60 ක ජංගම දුරකථන රේගු දැලේ

(කොළඹ, ලංකාපුවත්) – නීතිවිරෝධී ලෙස ජංගම දුරකථන 2000ක් මෙරටට රැගෙන ඒමේ උත්සාහයක් ව්‍යර්ථ කිරීමට ගුවන් තොටුපළ රේගුව සමත්ව ඇත.

මෙම දුරකථන විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතියකින් තොරව මෙරටට ගෙන්වන ලද ජංගම දුරකථන තොගයකි.

මේවා ගෙන විත් ඇත්තේ ඩුබායි සහ චීනයේ සිට අද (19) අලුයම පැමිණි ශ්‍රී ලාංකිකයන් 03 දෙනෙකු විසින් බව වාර්තා වේ.

සොයාගත් ජංගම දුරකථනවල වටිනාකම ලක්ෂ 60කට ආසන්න වන අතර ජංගම දුරකථන තොගය රේගු භාරයට ගැනීමෙන් අනතුරුව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 + two =