(කොළඹ, ලංකාපුවත්) –ලෝකයේ තරුණ ප්රජාව අතර ප්රසිද්ධ දකුණු කොරියා සංගීත කණ්ඩායමක ගායකයෙකු හදිසියේ මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ ජොන්ග් යුන්ග් නමැති දකුණු කොරියාවේ ජනප්රියම පිරිමි සංගීත කණ්ඩායමේ නායකයෙකුය.
මියයන විට ඔහු විසිහත් වන වියේ පසුවිය
ෂිණී නම් පස් දෙනෙකුගෙන් යුතු මෙම සංගීත කණ්ඩායම ලෝකයේ තරුණ ප්රජාව අතර අතිශය ජනාදරයට පත්ව ඇති සංගීත කණ්ඩායමකි.
ඔහු මියයාමට හේතුව මෙතෙක් හෙලිව නොමැති අතර විශාදය හේතුවෙන් ඔහු මිය යන්නට ඇති බවට සැක කෙරේ.
ගායකයෙකු මෙන්ම දක්ෂ නර්තන ශිල්පියෙකු ද වන ඔහුගේ මරණයත් සමග දහස් ගණනක් සංගීත ලෝලීන් ඔහු වෙනුවෙන් ට්විටර් පණිවිඩ ඔස්සේ සිය ශෝකය ප්රකාශ කර තිබේ.