ඩුපිලසීට සිම්බාබ්වේ අහිමිවෙයි

(කොළඹ, ලංකාපුවත්) –දකුණු අප්‍රිකානු නායක පැෆ් ඩුපිලසීට සිම්බාබ්වේ සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබෙනු ඇති බව වාර්තා වේ.

පැෆ් ඩුප්ලසි තවමත් ආබාධිත තත්ත්වයෙන් පූර්ණ සුවය ලබා නොසිටීම මෙයට හේතු වී ඇත.

පසුගිය ඔක්තොම්බර් මාසයේ බංග්ලාදේශය සමග පැවති එක්දින තරගාවලිය අතරතුර පැෆ් ඩුප්ලසි ආබාධයකට ලක්විය.

දකුණු අප්‍රිකා සිම්බාබ්වේ පළමු ටෙස්ට් තරගය ලබන 26 වනදා ආරම්භ වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *