(කොළඹ, ලංකාපුවත්) – අනුරාධපුර පාසලක සහ නාරාහේන්පිට පාසලක ඊයේ(18) දින සිදුවූ විභාග වංචා දෙකක් වාර්තා වී ඇත.
අදාළ පාසල දෙකේ දී මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අපේක්ෂකයින් දෙදෙනෙකු ජංගම දුරකථනභාවිතා කරමින් අදාළ විභාග වංචාවන් සිදු කර තිබුණි.
මෙම සිදුවීම් දෙක සම්බන්ධයෙන් විමර්ශනය සදහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ