වෛරස් උණක් හේතුවෙන් රජරට පීඨ 4ක් වැසේ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ කළමනාකරණ, සමාජ විද්‍යා, තාක්ෂණ ඇතුළු පීඨ 4ක් හදිසියේ වසා දැමීමට තීරණය කර තිබේ.

සිසුන් අතර ශීඝ‍්‍රයෙන් පැතිර යන වෛරස් උණ රෝගී තත්ත්වයක් මීට හේතු වී ඇති බව උපකුලපති මහාචාර්ය රංජිත් විජයවර්ධන මහතා සඳහන් කළේය.

ඒ අනුව අද දිනයේ සිට ලබන 26 වන දින දක්වා මිහින්තලය පරිශ‍්‍රයේ සියලුම පීඨ වසා දැමීමට තීරණය කර ඇත.

නේවාසිකාගාර හිමි සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන් අද දින පස්වරු 4ට පෙර නේවාසිකාගාරවලින් ඉවත් විය යුතු අතර යළි 26 වන දින පස්වරු 4.00ට පෙර නේවාසිකාගාරවලට වාර්තා කළ යුතු බව රජරට විශ්ව විද්‍යාලය සඳහන් කළේය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *