ඇස්බැස්ටෝස් තහනම තාවකාලිකව නවතයි

(කොළඹ, ලංකාපුවත්) –ලබන වසරේ ජනවාරි පළමු වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ඇස්බැස්ටෝස් තහනම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයයේදී ඊයේ(19) පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

ඇස්බැස්ටෝස් නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන අමුද්‍රව්‍ය ආනයනය ලබන පළමු වැනිදා සිට තහනම් කිරීමටත්, ලබන 2020 සිට ඇස්බැස්ටස් සම්පූර්ණයෙන් තහනම් කිරීමටත් රජය මීට පෙර තීරණය කර තිබුණි.

රුසියානු රජය ශ්‍රී ලංකාවේ තේවලට ඉකුත්දා තහනමක් පැනවූ අතර ඊට හේතුව ශ්‍රී ලංකා රජය ඇස්බැස්ටෝස් තහනම් කිරීම බවට දේශපාලන කරළියේ කතා බහට ලක් විය. ඇස්බැස්ටෝස් සඳහා අමුද්‍රව්‍ය සපයන රටවල් අතර රුසියාව ප්‍රධාන තැනක් ගන්නා බව ද වාර්තාවේ.

මේ අතර ඊයේ පැවැති කැබිනට් රැස්වීමේ දී වැඩිදුරටත් තීරණය වී ඇත්තේ රුසියාවේ ගෙන්වන ඇස්බැස්ටෝස්වල ගුණාත්මකභාවය පිළිබඳ සොයා බැලීමට විශේෂ කණ්ඩායමක් රුසියාව බලා පිටත් කර හැරීමට ය. විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍යංශයේ කණ්ඩායමක් එහිදී පිටත් කර හැරීමට නියමිතය. ඒ අනුව ඔවුන් විසින් සෞඛ්‍ය අධ්‍යයන වාර්තාවක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටී.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen − 14 =