මැතිවරණ නීතිය අකුරටම දියත් කරනවා – පොලිස්පති

(කොළඹ, ලංකාපුවත්) – මැතිවරණ නීති රීති අකුරටම ක්‍රියාත්මක කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අවධාරණය කරයි.

කාන්තාවන්ට එරෙහිව මැතිවරණ සමයේ සිදුවන ප්‍රචන්ඩත්වය පිළිබඳ සංගෘහිත මාර්ගෝපදේශ සංග්‍රහය එළිදැක්වීම පොලිස් මූලස්ථානයේදී සිදුකෙරුණි. මෙම ග්‍රන්ථය මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්‍ෂන මධ්‍යස්ථානය, මැතිවරණ කොමිෂන් සභාවේ සහ ශ්‍රී ලංකා පොලිසියේ උපදේශකත්වයෙන් මෙන්ම මැතිවරණ පද්ධතිය පිළිබඳ ජාත්‍යන්තර ආයතනයේ සහයෝගයෙන් සකස් කර ඇත.

එම අවස්ථාවට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මෙසේ ද සදහන් කළේය

” පලාත් පාලන මැතිවරණයේ මේ පිළිබඳව සුවිශේෂ වු අවධානයක් ඉතාමත් ක්‍රමානුකූලව අපක්ෂපාතීව මධ්‍යස්ථව මැතිවරණ නීතිරීතියේ අකුරටම ක්‍රියාත්මක කිරීම තුළ ඒ කාන්තාවන්ට වෙන අපහසුතා සහ ඒ අයගේ තියන දුක් ගැනවිලි පිළිබඳව සුවිශේෂ අවධානයක් යොදන බවටත් ප්‍රකාශ කරන්න කැමතියි..ඉදිරියට ඉතාමත් හොද සහයෝගයකින් යුතුව මේ කටයුත්ත ශක්තිමත් ආකාරයෙන් කරගෙන යන්න හැම පැත්තකින්ම හැකියාව ලැබෙන බවට සුවිශේෂී විශ්වාසයක් පල කරන්න බලාපොරොත්තු වෙනවා…”

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් බ්‍රයිස් හච්සන් මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 1 =