කලාපයේ දිළිදුකම පිටුදැකීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙලක අවශ්‍යතාව ජනපති පහදයි

(කොළඹ, ලංකාපුවත්) – කලාපයේ දිළිදුකම පිටුදැකීම සඳහා ශක්තිමත් සහයෝගීතා වැඩපිළිවෙළක අවශ්‍යතාවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි.

බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳව බෙංගාල බොක්ක ආශි‍්‍රත රටවල සංවිධානය හෙවත් බිම්ස්ටෙක් සමළුවේ තෙවන සැසිවාරයේ අමාත්‍යවරුන්ගේ සමළුව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (20) පෙරවරුවේ කොළඹදී ආරම්භ කෙරිණි.

දකුණු හා අග්නිදිග ආසියාතික බෙංගාල බොක්ක ආශි‍්‍රත රටවල් 07 ක් වන බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලනය, ශී‍්‍ර ලංකාව සහ තායිලන්තය යන රටවල් බිමිස්ටෙක් සංවිධානයට අයත් වේ. එම රටවල් නියෝජනය කරමින් අමාත්‍යවරුන් සහ නියෝජිතයින් මෙම සමළුවට එක්ව සිටී. සමළුව ඇමතූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ කලාපයේ දිළිදුකම පිටුදකිමින් ආර්ථික සමෘද්ධිය ඇතිකිරීම සඳහා ශක්තිමත් සහයෝගීතා වැඩපිළිවෙළක් අත්‍යාවශ්‍ය බවයි.

කලාපයේ පමණක් නොව සමස්ත මානව සමාජයේ දිළිදුබව පිටුදැකීම සඳහා සියලූදෙනාගේ කැපවීම මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා ලොව කිසිවෙකු කුසගින්නේ නොතැබීමට ලොව බලවතුන්ට ඇති වගකීම හා කැපවීම ද සිහිපත් කළේය.ශී‍්‍ර ලංකාවේ දිළිදුකම පිටුදැකීමේ ජාතික වැඩපිළිවෙළ මෙම වසරේදී කි‍්‍රයාවට නැංවූ බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ඒ හා සමගාමීව 2018 වසර ජාතික ආහාර නිෂ්පාදන වර්ෂය ලෙස නම් කර තිබෙන බව ද සඳහන් කළේය.

එවන් අවස්ථාවක මෙවර සමළුව ශී‍්‍ර ලංකාවේදී පැවැත්වීමට හැකිවීම පිළිබඳව ද ජනාධිපතිතුමා සිය සතුට පළ කළේය.බිමිස්ටෙක් සංවිධානයේ අරමුණ ඉටුකර ගැනීම සඳහා කලාපයේ සියලූදෙනාගේ කැපවීම ද මෙහිදී ජනාධිපතිතුමා අවධාරණය කරන ලදී.

බංග්ලාදේශ මුදල් හා ක‍්‍රම සම්පාදන අමාත්‍ය මොහොමඞ් අබ්දුල් මන්නන්, භූතාන මුදල් අමාත්‍ය නම්ගෙයි දෝර්ජි, මියන්මාර් කෘෂිකර්ම, පශූ සම්පත් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ලාචෝ, තායිලන්ත අභ්‍යන්තර කටයුතු අමාත්‍ය නදාපිත් ස්නිඩිවොංස් යන මහත්වරුන් ඇතුළු නියෝජිතයින් මෙම සමළුවට සහභාගී වී සිටින අතර, සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක, අමාත්‍යාංශයේ ලේකම් ශ‍්‍රියාණි වීරකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද ඊට එක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *