රියාද් අගනුවරට එල්ල කළ බැලිස්ටික් මිසයිලයක් සාර්ථකව ව්‍යර්ථ කරයි

(කොළඹ, ලංකාපුවත්) – යේමනයේ හවුදි කැරළිකරුවන් රියාද් අගනුවර දෙසට එල්ල කළ බැලිස්ටික් මිසයිලයක් සාර්ථකව ව්‍යර්ථ කළ බව සෞදි අරාබියේ ආරක්‍ෂක අංශ සදහන් කරයි.

මිසයිලය පුපුරායාමත් සමග රියාද් අගනුවර දෙසින් පිපිරුම් හඩක් ඇසී තිබේ. එහෙත් කිසිදු ජීවිත හානියක් පිළිබද තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

සෞදි අරාබියේ රාජ්‍ය පාලන මධ්‍යස්ථානය වන අල් යමාමා මන්දිරය ප්‍රහාරයේ ඉලක්කය වූ බව හවුදි කැරළිකරුවන් නිවේදනය කර ඇත.

පසුගිය මාසයේදී රියාද් ගුවන්තොටුපල වෙතද මෙවැනිම මිසයිල ප්‍රහාරයක් එල්ල වූ අතර සෞදි බලධාරීන් එය උඩුගුවනේදීම විනාශ කිරීමට කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *