2017 මිස්ටර් ශ්‍රී ලංකා කායවර්ධන තරගය ලබන 23වනදා

(කොළඹ, ලංකාපුවත්) – 2017 මිස්ටර් ශ්‍රී ලංකා කායවර්ධන තරගය ලබන 23වනදා පැවැත්වීමට ජාතික කායවර්ධන සම්මේලනය තීරණය කර තිබේ.

70 වන වරටත් මෙවර පවත්වන මිස්ටර් ශ්‍රී ලංකා කායවර්ධන තරගය සදහා ක්‍රීඩකයින් 150කට අධික පිරිසක් බර පන්ති කිහිපයක් යටතේ සහභාගී වනු ඇතැයි බලාපොරොත්තු වේ.

තරගාවලියට කාන්තා කායවර්ධන තරගයක් ද ඇතුළත් කිරීමට සැලසුම් කර ඇත.

මිස්ටර් ශ්‍රී ලංකා කිරුළ හිමි කර ගන්නා ක්‍රීඩකයාට විශාල මුදල් ත්‍යාගයක් ලබා දීමටත් තීරණය කර ඇතැයි ජාතික කායවර්ධන සම්මේලනය පැවසීය.

මෙවර තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ මීගමුව ආවේ මරියා කන්‍යාරාම ශ්‍රවනාගාරයේදී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *