ඩයිනෝසරයකුගේ පාද සටහනක් විනාශ කරලා

(කොළඹ, ලංකාපුවත්) – වර්ෂ මිලියන 115ක් පැරණි යැයි සැලකෙන ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා හි ජාතික උද්‍යානයක තිබූ ඩයිනෝසරයකුගේ පාද සටහන් කොටසකට කිසියම් පිරිසක් විසින් හානි සිදුකොට ඇති පුවතක් වාර්තාවේ.

2006 වසරේදි පොසිල විද්‍යාඥයින් විසින් වික්ටෝරියා හි ගල්තලාවක තිබී මෙම තියරපොඩ් ඩයිනොසර් පාද සටහන් සොයාගෙන තිබුණි.

ඩයිනෝසරයන්ගේ පොසිල සම්බන්ධයෙන් ප්‍රකට ප්‍රදේශයක් වූ එය අයිස් යුගයෙහි ඩයිනෝසරයන් ලොව වාසය කල ප්‍රදේශ කිහිපයකින් එකක් බව සදහන් ය.

සෙන්ටිමීටර් 30ක් පමණ පලල පාද සටහන කැඩීම සදහා මිටියක් වැනි යමක් භාවිතා කරන්නට ඇති බවට නිලධාරීන් විශ්වාස කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × two =