බිම්ස්ටෙක් සමුළුවට පැමිණි නියෝජිතයින් සදහා ජනපතිගෙන් රාති‍්‍ර භෝජන සංග‍්‍රහයක්

(කොළඹ, ලංකාපුවත්) – බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳ බෙංගාල බොක්ක ආශි‍්‍රත රටවල සංවිධානය හෙවත් බිම්ස්ටෙක් සමුළුවේ තෙවන සැසිවාරය මෙවර ශී‍්‍ර ලංකාවේදී පැවැත්වුණු අතර ඒ සඳහා සහභාගීවූ නියෝජිත පිරිස වෙනුවෙන් විශේෂ රාති‍්‍ර භෝජන සංග‍්‍රහයක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (20) කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි.

දකුණු හා අග්නිදිග ආසියාතික බෙංගාල බොක්ක ආශි‍්‍රත රටවල් 07 ක් වන බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශී‍්‍ර ලංකාව සහ තායිලන්තය යන රටවල් බිම්ස්ටෙක් සංවිධානයට අයත් වේ.

එම රටවල් නියෝජනය කරමින් අමාත්‍යවරුන් සහ නියෝජිතයින් මෙම සමුළුවට එක්ව සිටින අතර ඔවුන් වෙනුවෙන් සමරු තිළිණ පිළිගැන්වීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

දිළිඳුකම පිටුදැකීම සඳහා වන බිම්ස්ටෙක් සමුළුවේ තෙවන සැසිවාරය ඊයේ සහ පෙරේදා දෙදින කොළඹදී පැවැත්විණි.

ඊයේ පැවති රාති‍්‍ර භෝජන සංග‍්‍රහය සඳහා සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක යන මහත්වරුන් සහ බිම්ස්ටෙක් සංවිධානයේ මහලේකම් එම් සහිදුල් අස්ලාම් මහතා ඇතුළු නියෝජිත පිරිස එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *