යාපනය ශික්ෂණ රෝහලේ දී විවෘත හෘද සැත්කමක් සාර්ථකව සිදු කරයි

(කොළඹ, ලංකාපුවත්) –යාපනය ශික්ෂණ රෝහලේ දී විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් විසින් විවෘත හෘද සැක්කමක් ඊයේ (20) සාර්ථකව සිදු කර ඇත.

වවුනියාවේ පදිංචි 27 හැවිරිදි S.Rajasekaran මහතාට මෙම හෘද සැත්කම සිදු කර තිබේ.

හෘද රෝග විශේෂඥ වෛද්‍ය M.SMugunthan, සහ කායික රෝග විශේෂඥ වෛද්‍ය S.Premskrishna යන මහත්වරුන් ඇතුලු විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් මෙම සැත්කමට සහභාගි වී තිබුණි.

මෙම රෝගියා මේවන විට යාපනය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සුවෙන් පසුවන බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එම්. සත්‍යමුර්ති මහතා පැවසීය.

සැත්කම සිදු කිරීමෙන් පසු ඒ පිළිබද තොරතුරු රෝහල් අධ්‍යක්ෂවරයා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට දුරකථනයෙන් දැනුම් දී තිබේ

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 1 =