හෙද පීඨය සදහා ජනපති අතින් මුල්ගල් තබයි

(කොළඹ, ලංකාපුවත්) – දැනුම, ආකල්ප, කුසලතා සපිරි උපාධිධාරි හෙද නිලධාරින් බිහිකිරීම උදෙසා ශ්‍රී ජයවර්ධනපුර හෙද විදුහල් පරිශ්‍රයේ ඉදිකෙරෙන කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ හෙද පීඨය සදහා මුල් ගල් තැබීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(20) පස්වරුවේ සිදු විය.

ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපාදන මත ඉදිකෙරෙන මෙම හෙද පීඨය සදහා වැය කෙරෙන මුථ මුදල රුපියල් බිලියන 14.5 කි. මහල් 17 කින් සමන්විත හෙද පීඨය තුළ එකවර හෙද හෙදියන් 2000 ක් පමණ පුහුණු කිරීමට හැකියාව පවතී.

එම හෙද හෙදියන් සදහා නේවාසිකාගර ඉදිකරනු ලබන්නේ නැගෙනහිර කොළඹ මූලික රෝහල් භූමියේ වන අතර එය ක්‍රිඩා පහසුකම්, පිහිණුම් තටාක, කායවර්ධන මධ්‍යස්ථාන ඇතුථ සියලූ පහසුකම්වලින් සමන්විතය.

නව හෙද පීඨයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට අදාළ සමරු ඵලකය නිරාවරණය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

හෙද සේවාවේ උන්නතිය වෙනුවෙන් ජනාධිපතිතුමා සිදුකරනු ලබන මැදිහත්වීම උදෙසා උපහාර තිළිණයක් පිළිගැන්වීම ද සිදු කෙරිණි.

අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, ලක්ෂ්මන් කිරිඇල්ල, නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, පාර්ලිමේන්තු මන්ත්‍රි ආශු මාරසිංහ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක සුගතදාස, කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක, රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 + seven =