ආසියා ශාන්තිකර කලාප ICTසංසද සම්මාන උළෙලේදී පීපල්ස් ලීසිං හා ෆයිනෑන්ස් පී.එල්.සී රනින් අභිශේක ලබයි

(කොළඹ, ලංකාපුවත්) –අතිශයින් තරඟකාරී මූල්‍යක්ෂේත්‍ර තරඟ කාන්ඩය නියෝජනය කරමින් ආසියා ශාන්තිකර කලාප ICT සංසද උළෙලකදී  (APICTA)මෙවන් ජයග්‍රහණයක් දිනාගත් ප්‍රථම ශ්‍රී ලාංකික සමාගම ලෙස මෙය ඉතිහාස ගත වන්නේය.

දෙසැම්බර් මස 7 වනදා සිට 10 වන දා තෙක් බංග්ලාදේශයේ ඩකා නුවර පැවති මෙම උළෙල චීනය, ජපානය, හොංකොං, හා ඕස්ට්‍රේලියාව වැනි රාජ්‍යයන් රැසකගේ දැවැන්ත සමාගම්, බැංකු හාතොරතුරු තාක්ෂණ ප්‍රවීනයින් 500 ට වැඩිමනත්වූපිරිසකගේසහභාගීත්වයෙන් හා මූල්‍ය කලාප 16 කගේ නියෝජනයෙන් උත්කර්ශවත් වූහ.

17 වනවරටත් අඛණ්ඩව පැවති මෙම ජාත්‍යන්තර උළෙලේ මුඛ්‍ය අරමුණු අතර ප්‍රධානවන්නේ මෙම කළාපය තුළ ICT  ක්ෂේත්‍රයේ නියුතු ව්‍යවසායකයින් හා නිර්මාණකරුවන් අතරේ ප්‍රමිතිගත තරඟකාරී අවස්ථා බිහිකොට ආර්ථීක හා වෙළඳ සහ සම්බන්ධය වර්ධනය කිරීම උදෙසා තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ නව්‍යවූත් නිර්මාණශීලී වූත් උපයෝජනයෙන්උත්තේජනය කිරීමයි.

“SELF  e  CASH” ලෙස නම් ලබා ජාත්‍යන්තරය හා තරඟවැද, රනින්පිදුම් ලබන්නට තරම් පීපල්ස් ලීසිං හා ෆිනෑන්ස් පී.එල්.සී ඉදිරිපත් කළ ICT විසඳුමට එම පන්නරය ලැබුනේ එම ආයතනය තුළ පවතින සන්නිවේදන තාක්ෂණය හා අත්වැල්බැඳගත් සංස්කෘතිය නිසායැයි ද එම ආයතනයේ සෑම සියළු මෙහෙයුමක්ම සන්නිවේදන තාක්ෂණයේ මහෝපකාරීත්වයෙන් නිබඳව සිදුවෙන්නක් බවද සමාගමක් ලෙස ඔවුන් අත්විඳි ජයග්‍රාහී මොහොත සිහිගන්වමින් පීපල්ස් ලීසිංහා ෆිනෑන්ස් පී.එල්.සී හිතොරතුරු තාක්ෂණ අංශ ප්‍රධානී ප්‍රාභාත් ගුණසේන මහතා එසේ කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *