පාතාල නායක මදූෂ් ගේ සමීපතමයෙක් ඇතුළු 8ක් මාට්ටු

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ පාතාල නායකයෙකු වන දැනට විදේශ ගතව සිටින මාකදුරේ මදූෂ් නැමැත්තා සමග සෘජු සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයෙක් සහ තවත් පුද්ගලයන් 7දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (21) දහවල් කාලයේ දි ලැබුන තොරතුරුකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ ජයවර්ධනපුර කදවුරේ නිලධාරීන් හා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් එක්ව මීගමුව දාගොන්න පාර ප්‍රදේශයේ නිවසක වැටලීමක් සිදුකර ඇත.එහිදි මත්ද්‍රව්‍ය හා පාතාල නායකයෙක් වන මාකදුරේ මදූෂ් නැමැත්තා සමග සෘජු සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයෙක් හා තවත් පුද්ගලයින් 07 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සන්තකයේ තිබි 9MM වර්ගයේ ගිනි අවියක්,එම වර්ගයේ මැගසින් එකක් හා ජීව උණ්ඩ 6ක් සොයාගෙන ඇතැයි සදහන් වේ. මීට අමතරව SF වර්ගයේ ජීව අත්බෝම්බයක්,හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 150ක්,මන්නා 1ක්,කඩු 1ක්,ටී 56 වර්ගයේ ජීව උණ්ඩ 6ක්,කේරල ගංජා ග්‍රෑම් 940ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක,දාගොන්න,මිනුවන්ගොඩ,කඹුරුගමුව,උඩුගම්පල,ලුණුවිල යන ප්‍රදේශ වල පදිංච්කරුවන් පිරිසකි. සැකකරුවන් අද(22) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොථිඨාශය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 − eight =