මීගමුවේ දී මෝටර් රථයක් දුම්රියේ ගැටේ – දැරියක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – හලාවත සිට කොළඹ දක්වා ධාවන වූ මන්දගාමී දුම්රියක මෝටර් රථයක් ගැටීමෙන් එහි ගමන් ගත් දැරියක මිය ගොස් තිබේ.

මීගමුව -කට්ටුව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයකින් මෝටර් රථය ධාවනය කිරීමට යෑමේ දී මෙම අනතුර සිදුව ඇත.

පොලීසිය සඳහන් කළේ මෙලෙස මියගොස් ඇත්තේ කැබ් රථයේ ගමන් ගත් 16 හැවිරිදි දැරියක් බවය.

සිද්ධියෙන් ඇයගේ මව සහ තවත් දැරියන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

ඔවුන් මීගමුව මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතල තත්ත්වයේ පසු වූ එක් දැරියක් කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමට කටයුතු කළ බව ද වාර්තාවේ.

මීගමුව පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *