චීන ජාතිකයෝ තිදෙනෙක් අවුකන බුදු පිලිමය ඉදිරිපිට පැවිදි දිවියට

(කොළඹ, ලංකාපුවත්) –චීන ජාතික මහාචාර්යවරයකු ඇතුළු තවත් දෙදෙනෙකු අවුකන බුද්ධ ප්‍රතිමාව ඉදිරිපිට දී තාවකාලික පැවිදි භාවය ලබා ගැනීම අද (26) බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

අවුකන රජමහා විහාරාධිපති ධම්මකිත්ති නාහිමියන් ගේ මැදිහත්වීම මත චීනයේ තාලියන් නගරයේ පදිංචි ව්‍යාපාරික මහතෙක් එරට දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක මහතෙක් සහ චීන විශ්ව විද්‍යාලයක චිත්‍ර මහාචාර්යවරයෙකු මෙසේ තාවකාලික පැවිද්ද ලබා ගැනීම සිදු කරන ලදි.

මෙම තිදෙනා අවුකන බුද්ධ ප්‍රතිමාව ඉදිරිපිට තාවකාලික පැවිද්ද ලබා ගැනීමෙන් පසු පැවිදි නම් වුයේ තාලියම් පදුමකිත්ති , තාලියම් පඤ්ඤාකිත්ති තාලියම් සුමනකීර්ති යන නාමයන් වෙයි .

අවුකන විහාර සංඝාවාසයේ සිට පෙරහැරකින් මෙම පිරිස අවුකන බුද්ධ ප්‍රතිමාව ඉදිරිපිටට ගොස් මහා සංඝරත්නය ඉදිරියේ තාවකාලික පැවිද්ද ලබා ගැනීම සිදු විය.

මේ අවස්ථාවේදී අනුශාසනාවක් පවත්වමින් අවුකන රජමහා විහාරාධිපති ධම්මකිත්ති නා හිමියන් කියා සිටියේ චීන ජාතික බොහෝ දෙනෙකු අවුකන පුදබිමට පැමිණ ආගමික වතාවත්වල නිරන්තරයෙන් යෙදෙන බවයි. ඒ අතර චීනයේ පදිංචිව සිටි මෙම කණ්ඩායම බුදු දහම කෙරෙහි වැඩි ඇල්මක් දක්වමින් තාවකාලික පැවිද්ද ඉල්ලා සිටි බවත් දෙසතියක කාලයක් විහාරස්ථානයේ වැඩ සිටිමින් බුදුදහම පිළිබඳව ඉගෙන ගැනීම භාවනා යෝගීව වැඩ සිටීම සිදු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × 1 =