අමෙරිකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලබා දෙන මූල්‍යාධාර කපා හරීයි

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලබා දෙන මූල්‍යාධාර කපා හරින බව ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව 2018 සහ 2019 අයවැය සදහා ලබාදෙන මූල්‍ය දායකත්වය ඩොලර් මිලියන 285 කින් කපා හැරීමට අදහස් කරන බව අමෙරිකා නිත්‍ය නියෝජිත නිකී හේලි ප්‍රකාශ කර ඇත.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ කළමනාකරණ සහ සහාය ක්‍රියාකාරකම් සදහා ලබාදෙන සහයෝගය සීමා කරන බව ඇය වැඩිදුරටත් සදහන් කර තිබේ.

ජගත් සංවිධානය අකාර්යක්ෂම සහ අනවශ්‍ය ලෙස මුදල් වියදම් කරන බවට ද අමෙරිකාව චෝදනා එල්ල කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *