හිම කුණාටුවක් නිසා අමෙරිකාවේ ප්‍රාන්තයකට හදිසි තත්ත්වයක්

(කොළඹ, ලංකාපුවත්) –හිම කුණාටුවක් හේතුවෙන් අමෙරිකාවේ එරී නගරය ඇතුලු පෙන්සිල්වේනියා ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇත.

සෙන්ටිමීටර 86ක් පමණ උසට ඝණ හිම තට්ටුවක් නගරය පුරා පැතිර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊයේ මෙන්ම අද දිනයේත් නොනවත්වා හිම පතිත වුවහොත් අඟල් 60ක් පමණ හිම තට්ටුවක් ඇති වන බව කාලගුණ අංශ පෙන්වා දී ඇත. මේ හේතුවෙන් පෙන්සිල්වේනියා මාර්ග රැසක් වසාදමා තිබේ.

1956 වසරට පසුව නත්තල් දිනවලදී හිම පතනයක් වාර්තා වූ පළමු අවස්ථාව ලෙසද මෙය හැඳින්වේ. සාප්පු හා පාසල් කිහිපයක් ද වසා දමා ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four + 17 =