දේශීය හා ආනයනික නාඩු සහල් සදහා උපරිම සිල්ලර මිලක්

(කොළඹ, ලංකාපුවත්) –ආනයනික හා දේශිය නාඩු සහල් කිලෝග්‍රෑම් 1ක් සදහා ඊයේ (26) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.

මේ අනුව දේශිය හා ආනයනික නාඩු සහල් කිලෝග්‍රෑම් 1ක් සදහා උපරිම සිල්ලර මිල රුපියල් 74ක් බව පාරිභෝගික අධිකාරීය පැවසීය.

ඒ අනුව 2003 අංක 09 දරන පාරිභෝලික කටයුතු පිළිබද අධිකාරිය පනතේ 20(5) වගන්තිය යටතේ ක්‍රියා කරමින් කිසිදු නිෂ්පාදකයෙක්,ආනයනකරුවෙක්,බෙදාහරින්නෙක් හෝ වෙළෙන්දෙක් විසින් නාඩු සහල් සදහා පනවා ඇති උපරිම සිල්ලර මිලට වඩා ඉහල මිලකට වෙළදාම් කිරීම,වෙළදාම් කිරීම සදහා ඉදිරිපත් කිරීම,වෙළදාම සදහා ප්‍රදර්ශනය කිරීම නොකල යුතු බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය නිවේදනය කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *