ඉන්දීය ධිවරයින් 20 දෙනෙකුට නිදහස

(කොළඹ, ලංකාපුවත්) –උතුරු මුහුදු සීමාවට නීති විරෝධී ලෙස ඇතුළු වී මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් 57 දෙනෙකු මේ වසර තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගේන් 20 දෙනෙකු ඊයේ (27) ඉන්දියාවට බාර දී තිබේ.

ඔවුන්ව ඉන්දියාව වෙත බාර දී ඇතත් ඔවුන් සතු යාත්‍රා 7 ක් රාජසන්තක කොට ඇති බව සදහන් ය.
ධීවර පනත වෙනස් කිරීමෙන් පසුව ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට පත්වන අවස්ථා වලදී අධිකරණමය ක්‍රියාදාමයන් වලින් පසුව ධීවරයින් නිදහස් කරණු ලැබුවත් ඔවුන් පැමිණෙන යාත්‍රා කුමන හේතුවක් මත හෝ නිදහස් කරණු නොලැබේ.

උතුරේ අධිකරණ වලින් නිදහස ලැබූ ඉන්දීය ධීවරයින් 20 දෙනා නාවික හමුදාව විසින් කන්කසන්තුරයේ සිට නාවික හමුදාවට අයත් බෝට්ටුවලින් රැගෙන ගොස් ඉන්දීය මුහුදු සීමාවේදී ඉන්දීය වෙරලාරක්ෂක නිලධාරීන් වෙත බාර දී ඇත.

තවමත් ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින ඉතිරි ඉන්දීය ධීවරයින් 37 දෙනාට එරෙහිව ඇති නඩු විභාගයන් මෙතෙක් අවසන් නොවීම නිසා ඔවුන්ව නිදහස් කිරීමට හැකියාවක් නොමැති බව උතුරු පළාත් ධීවර සහකාර අධ්‍යක්ෂක කාර්යාලය සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 − 4 =