විශ්වයේ පැහැදිලි හා විශාලම ඡායාරූපය ගැනීමට නාසා සැරසෙයි

(කොළඹ, ලංකාපුවත්) –විශ්වයේ වඩාත් පැහැදිලි හා විශාලතම ඡායාරූපය ලබා ගැනීම සඳහා නාසා ආයතනය නව දුරේක්‍ෂයක් නිෂ්පාදනය කිරීමට පියවරගෙන තිබේ.

මෙම දුරේක්‍ෂය 2020 වසරේ මැද භාගයේදී හඳුන්වා දීමට නියමිත බව නාසා ආයතනය සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ඩබ්ලිව් එෆ් අයි ආර් එස් ටී යන නමින් හඳුන්වන මෙම දුරේක්‍ෂය දැනට භාවිත කරන හබල් දුරේක්‍ෂයට බෙහෙවින් සමානය.

නව දුරේක්‍ෂය මෙගාපික්සල් 300 ක කැමරා කාචයකින් සමන්විතය. දැනට ලබාගෙන ඇති විශ්වයේ ඡායාරූපය මෙන් සිය ගුණයක් විශාලව මෙම දුරේක්‍ෂය මගින් ඡායාරූප ලබාගත හැකි වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *