උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඇතුලු 4 දෙනෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –පොදු ජන පෙරමුණේ ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කරන උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සෙනරත් බණ්ඩාර ඇතුලු හතර දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

නීති විරෝධී ලෙස පෝස්ටර් අලවමින් සිටිය දී ඊයේ(27) රාත්‍රියේ ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත.

උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සෙනරත් බණ්ඩාර සහ තවත් තුන් දෙනෙකු මෙසේ පෝස්ටර් අලවමින් සිට ඇත්තේ උඩුදුම්බර, කලුන්තැන්න ප්‍රදේශයේ ය.

ඔවුන් තෙල්දෙනිය මහේස්ත්‍රාත් අධිකරණයට අද(28) ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *