අගමැති අඹේවෙල කිරි කම්හලේ නිරීක්ෂණ චාරිකාවක

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අඹේවෙල කිරි කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (28) එක්විය.

නුවරඑළි‍ය සිට කිලෝමීටර් 15-18ක් පමණ ගිය තැන අඹේවෙල නගරය හමුවේ. ඒ අසල ශ්‍රී ලංකාවේ විශාලතම කිරි ගොවිපොළවලික් එකක් වන අඹේවෙල ගොවිපොළ පිහි‍ටා‍ තිබේ. අඹේවෙල ගොවිපල අවට ඇත්තේ ඉතා සුන්දර පරිසරයකි.

අගමැති වික්‍රමසිංහ මහතා ගොවිපොළට පැමිණියේ ඉතා කෙටි දැනුම්දීමකින් පසුවයි.

නිෂ්පාදනාගාරයට යන විට ඇඳ ගත යුතු ආරක්ෂිත ඇඳුම්වලින් සැරසී ඇතුළට ගිය අගමැතිවරයාට ගොවිපොළේ නිෂ්පාදන පිළිබඳව එහි නිලධාරින් කරුණු විස්තර කළේය.

එහි නිෂ්පාදිත යෝගට්වල රස බැලීමටද අගමැති වික්‍රමසිංහ මහතා අමතක කළේ නැහැ. නිෂ්පාදනයේදි පැන නගින ප්‍රශ්න ගැටලු සම්බන්ධයෙන් අගමැතිවරයා එහි පාලනාධිකාරියෙන් විමසා බැලීය. දේශිය ‍කිරි ගොවියාගේ දායකත්වය ලබා ගැනීම ගැනද අගමැතිවරයා විමසීය. ‍

ගොවිපොළේ සේවකයන් සමඟද සුහද කතා බස් කළ අගමැතිවරයා නිෂ්පාදනාගාරයෙන් පිටතට පැමිණ එහි රැස්ව සිටි පිරිස සමඟ සෙල්ෆි ඡායාරූපවලටද පෙනී සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *