පියා නොමැති මනාලියන් වෙනුවෙන් ඉන්දියාවේ මංගල උත්සවයක්

(කොළඹ, ලංකාපුවත්) – පසුගියදා ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ Surat නගරයේ දී සමූහ විවාහ මංගල්‍ය උත්සවයක් පැවැතිණ.

නව විවාහ යුවළ 251 ක් ඊට සහභාගී වූහ. එරට දියමන්ති ව්‍යාපාරිකයකු වන Mahesh Savani ගේ අනුග්‍රහයෙන් පියා නොමැති මනාලියන් වෙනුවෙන් මේ විවාහ උත්සවය සංවිධාන කර තිබුණි.

මේ උත්සවය සූදානම් කිරීම සඳහා වසර කිහිපයක් ගතවී ඇත.

ඉන්දියාවේ විවාහ මංගල්‍ය උත්සවයක් පැවැත්වීම සඳහා අධික මුදලක් වැයවේ.

සම්ප්‍රදායට අනුව මනාලියගේ පාර්ශවයෙන් මනමාල පාර්ශවයට විටනා මෙන්ම විශාල දෑවැද්ද ලබා දිය යුතුවේ. මුදල් හා තෑගි බෝගද ඊට ඇතුළත් වන අතර, විවාහ උත්සවය පැවැත්වෙන කාලයේ සිය පවුලේ අයට, අසල්වැසියන්ට හා යහළු මිත්‍රයන්ට කෑම බීම ද සැපයිය යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten − ten =