පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් තුළ මාතෘ භූමිය ලෝකයේ විශිෂ්ට රාජ්‍යයක් ලෙස ගොඩනඟන බව ජනපති පවසයි

(කොළඹ, ලංකාපුවත්) –පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමේ ගමන මේ වන විට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ආරම්භ කර තිබෙන අතර, ඒකාන්තයෙන්ම ජයග‍්‍රහණය කරන එම වැඩපිළිවෙළ තුළින් අනාගතයේ ශ‍්‍රී ලංකා මාතෘ භූමිය ලෝකයේ විශිෂ්ට රාජ්‍යයක් ලෙස ගොඩනගන බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ තරග කරන අපේක්ෂකයින් සමග ඊෙය් (29) කොළඹ සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගණයේ පැවති හමුව අමතමිනි.

අපේක්ෂකයින් ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරත් සඳහන් කළේ දීර්ඝ කාලයක් පුරා රටට අවශ්‍යව පැවති පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට යන ගමනේ වැදගත් පියවර සනිටුහන් කෙරෙන්නේ මෙම පෙබරවාරි 10 වනදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය තුළින් බවයි.

බලය ලබාගෙන සාක්කු පුරවාගන්නා දේශපාලනඥයින් නොව, බලය ලබාගෙන ජනතාවගේ කදුළු පිසදමන දේශපාලනඥයින් පිරිසක් එම මැතිවරණ ව්‍යාපාරය තුළින් මාතෘ භූමියට තිළිණ කළයුතු බවද ජනාධිපතිතුමා සඳහන් කළේය.

රට ගොඩනැගීමට ඇති ප‍්‍රධාන බාධාව දේශපාලනඥයින් බොහෝ පිරිසක් දූෂණයට, වංචාවට නැඹුරුවිම බවද සඳහන් කළ ජනාධිපතිතුමා අද සෑම දේශපාලන පක්ෂයකම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශවල සහ මැතිවරණ වේදිකාවල දූෂණයෙන් තොර පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් පිළිබඳ පුන පුනා කථා කිරීමට සිදුව ඇත්තේ එබැවින් බව ද කියා සිටියේය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අවංක, පිරිසිදු දේශපාලන පක්ෂයක් ලෙස ගොඩනැගීමට තමා කැපවී සිටින බවද සඳහන් කළ ජනාධිපතිතුමා නිර්මල පක්ෂයක් ලෙස ගොඩනැගෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වය තමන්ගෙන් පසු හිමිවන්නේ තම පවුලේ අයෙකුට නොව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පරපුරට බව ද සඳහන් කළේය.

ශී‍්‍ර ලංකාව සමෘද්ධිමත් සංවර්ධිත දේශයක් ලෙස ගොඩනැගීමට ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා සඳහන් කළේ අද රටේ බොහෝ කථා බහට ලක්ව ඇති පොහොර ගැටලූව විසඳීම සඳහා පකිස්ථාන අගමැතිවරයාගෙන් තමා කරන ලද ඉල්ලීම පරිදි පොහොර මෙට්ටි‍්‍රක් ටොන් 40,000 ක් ලංකාවට එවීමට මේ වන විට එකඟතාවය පළ කර තිබෙන බවයි.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ කටයුතු පිළිබඳව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයින් දැනුවත් කිරීම වෙනුවෙන් මෙම හමුව කැඳවා තිබුණි.

මෙහිදී සියලූම අපේක්ෂකයින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්ති සුරකිමින් නීති ගරුක, පිරිසිදු පාලනයක් පළාත් පාලන ආයතන ව්‍යුහය තුළ ඇති කිරීම සඳහා ප‍්‍රතිඥා දීම ද සිදු කෙරිණි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ කොට්ඨාස නියෝජිත පත්වීම් ලබාදීම යටතේ, පළාත් පාලන ආයතන 341ක් නියෝජනය වන පරිදි එක් සභාවකට එක් නියෝජිතයෙකු බැගින් පත්කිරීමට අදාළ පත්වීම් ලිපි ප‍්‍රදානය සංකේතවත් කිරීමද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති හිටපු අග‍්‍රාමත්‍ය දී.මූ ජයරත්න, නිමල් සිරිපාල ද සිල්වා, අනුර පි‍්‍රයදර්ශන යාපා, සුසිල් පේ‍්‍රමජයන්ත යන මහත්වරුන් ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුන් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් සහ මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂක අපේක්ෂාවන් අටදහසකට ආසන්න පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five + 19 =