රජයේ පෙළපොත් පිළිබඳව එල්ලවන චෝදනාවලට කොමසාරිස්ෙගන් පිළිතුරු

(කොළඹ, ලංකාපුවත්) –නොමිලේ ලබාදෙන පෙළ පොත් විකිණීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරන බවට පැතිරී යන මත සම්පූර්ණයෙන් අසත්‍යය බව අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් අයි. එම්. කේ. බී. ඉලංගසිංහ මහතා පවසයි.

පෙළ පොත් විකුණන බවට විවිධ පාර්ශව විසින් එල්ල කරන විරෝධතා, කරුණු සොයා බැලීමකින් තොරව, විවිධ කණ්ඩායම් වල උසිගැන්වීම් හේතුවෙන් සිදුකරන විරෝධතා බව කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය.

මේ වසරේ දී ද රුපියල් බිලියන 3 කට අධික මුදලක් පෙළ පොත් මුද්‍රණය සඳහා වැය කොට ඇති බවත්, රජයේ මුද්‍රණ දෙපාර්තුමේන්තුවේ පවතින අධික කාර්යය බහුලත්වය හේතුවෙන් ඇතැම් පොත් වර්ග කිහිපයක් පමණක් හැරුණු කොට සෙසු සියලුම පොත් වර්ග අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලැබී ඇති බවත්, ඒවා සිසුන් වෙත බෙදා දීමට ද කටයුතු කර ඇති බවත් අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

මෙතෙක් නොලැබුණු පොත් ද ඉක්මණින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලබාගෙන ඒවා කඩිනමින් සිසුන් වෙත ලබා දීමට පියවර ගන්නා බව ද ඉලංගසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen − 6 =