ජනපතිගේ ඉල්ලීම ඉටු කරමින් පකිස්ථානයෙන් ශී‍්‍ර ලංකාවට පොහොර මෙට්ටි‍්‍රක් ටොන් 41,000ක්

(කොළඹ, ලංකාපුවත්) –ශී‍්‍ර ලංකාවේ මතුව ඇති පොහොර ගැටලූවට විසඳුම් ලබාදීම සඳහා සහය වන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පකිස්ථාන අග‍්‍රාමාත්‍ය ෂහීද් කඛාන් අබ්බාසි මහතාගෙන් දුරකථනය ඔස්සේ කරන ලද ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වමින් වහාම කි‍්‍රයාත්මක වන පරිදි පොහොර මෙට්‍්‍රටික් ටොන් 41,000ක් ශී‍්‍ර ලංකාවට එවීමට පකිස්ථාන රජය එකගතාවය පළ කර තිබේ.

ජනාධිපතිතුමාගේ ඉල්ලීම පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් ඉදිරියේදී පොහොර මෙට්ටි‍්‍රක් ටොන් 75,000ක් දක්වා ශී‍්‍ර ලංකාවට ආනයනය කිරීමට කටයුතු කරන බව පකිස්ථාන රජය වැඩිදුරටත් දන්වා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *