මාධ්‍ය උපමාන යෝජනා සම්මතයට අගමැති අත්සන් තැබීම හෙට

(කොළඹ, ලංකාපුවත්) –ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සාධාරණ සහ අපක්‍ෂපාතී මැතිවරණයක් පැවැත්වීම සඳහා 2017 දෙසැම්බර් මස 04 වන දින මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කළ මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ යෝජනා සම්මතයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2018 ජනවාරි 02 වනදා අරලියගහ මන්දිරයේ දී අත්සන් තැබීමට නියමිතය.

අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලද මෙකී උපමානයන් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබීම තුළින් නීත්‍යානුකූලභාවය ලබන අතර, මෙම මාධ්‍ය උපමානවලින් බැඳී සිටීම සියලූම මාධ්‍යයන්හි යුතුකමක් පමණක් නොව, වගකීමක් ද වන්නේ ය.

මේ තුළින් ඉදිරියේ දී පැවැත්වෙන සියලූම මැතිවරණ සාධාරණ හා නිදහස්ව පැවැත්වීමේ එක් අංශයක් වන ජනමාධ්‍ය භාවිතාවේ අපක්‍ෂපාතීත්වය හා සාධාරණත්වය තහවුරු වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *