රැජිනි ඛාන් දේශපාලනයට

(කොළඹ, ලංකාපුවත්) –දෙමළ සිනමාවේ සුපිරි නළු රැජිනි ඛාන් තමන් දේශපාලනයට පිවිසෙන බව තහවුරු කර අැත.

2019 පාර්ලිමේන්තු මැතිවරණයට තමන් ඉදිරිපත් වන බව ජනතාව අමතමින් ඔහු ඊෙය් කියාසිටියේය.

2019 පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව තමන් ලබා දුන් ඡන්ද පොරොන්දු ඉටුකරගත නොහැකි වුවහොත් තම පක්‍ෂය නිසැකවම වසර 3 ක් ඇතුළත ඉවත් වන බව ඔහු පැවසීය.

තමන් මැතිවරණ ජයග්‍රහණයක් දකින්නේ බලයට පත් වීමක් ලෙස නොව ජනතා සේවයක් ලෙස බව ඔහු ෙපන්වාදී අැත. තමිල්නාඩු ප්‍රාන්තයෙන් මැතිවරණයට ඉදිරිපත් වන 67 හැවිරිදි රැජිණි ඛාන් තමාට දේශපාලනයට පිවිසෙන ලෙසට ආරාධනා ලැබුණේ 40 වන වියෙහි සිටියදී බව ප්‍රකාශ කර තිෙබ්.

2021 වසරේ පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයට ද ඉදිරිපත් වීමට සූදානම් බව ඔහු වැඩිදුරටත් කියාසිටිෙය්ය. කොන්දොස්තරවරයෙකු ලෙස ජීවිතය ආරම්භ කළ තමන් නළුවෙකු වී පසුව දේශපාලනඥයෙකු බවට පත් වීමට තරම් ශක්තිමත් බව ඔහු ඉන්දීය මාධ්‍යයට ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *