2018 වසර උදාවේදී සුපිරි සදක් – අද චන්ද්‍රයා පෘථිවියට ඉතා ලංවේ

(කොළඹ, ලංකාපුවත්) –2018 වසර උදාවත් සමග ඇතිවන පුරහද දිනයේදී චන්ද්‍රයා වෙන පොහොදිනවලදීට වඩා 14% විශලාවත් 30% දීප්තියෙන් වැඩිවත් පෙනෙන අතර එය සුපිරි සදක් ලෙස හදුන්වනු ලැබේ.

පෘථිවිය වටා චන්ද්‍රයා ගමන් කරනුයේ වෘතාකාර මාර්ගයක නොව ඉලිප්සාකාර මගකය. එහිදී පෘථිවියට චන්ද්‍රයා ලගින්ම ගමන්කරන දිනයක දී පුරහදක් ඇතිවුවහොත් චන්ද්‍රයා වෙනදට වඩා කි.මි. 50000 ක් පමණ ලංවන බැවින් විසලව හා වැඩා දීප්තිමත්ව පෙනෙන නීසාවේන් එයට සුපිර්සද යන නම භාවිතා කරනු ලැබේ. 2018 01වනදා රාත්‍රී චන්ද්‍රයා පෘථිවියට කි.මි. 356565 තරම් ලංව පිහිටයි.

ශ්‍රී ලංකා වේ සිට සුපිරි සද නැරබිමට හොදම වෙලාව 2018 ජනවාරි 01වනදා හිරු බැස යාමත් සමග නැගෙනහිර ක්ෂ්තිජයෙන් සදු පායන අවස්ථාව සහ 02වනදා අලුයම චන්ද්‍රයා බටහිර ක්ෂ්තිජයෙන් බැසයාමට මොහොතකට පෙර බව කොළඹ විශ්වවිද්‍යාලයයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

තවද මෙවැනිම සුපිරි සදක් 2018 ජනවර් 31 පුරහද දිනයේදීද සිදුවීමට නිමමිත අතර එදිනට පුර්ණ චන්ද්‍රග්රනයක් ද ඇතිවේ. මසක් තුල ඇතිවන දෙවන පුරහද හ්දුන්වනුයේ “බ්ලු මූන්” හෙවත් නීලචන්ද්‍රයා

සදු පෘථිවියට ලංවීම නිසා ඇතිවන ගුර්ත්වකර්ශනයේ වැඩිවීම මත වඩදිය මට්ටමේ වැඩිවීමක් ඇතිවියහැකි මුත් භූමිකම්පා, කුණාටු, සුලිස්සුලන් අතිවෙන් බවට ඇති කට කථා සත්‍යයෙන් තොර බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *