අරාබි රටවල් දෙකකට වැට් බදු හඳුන්වාදෙයි

(කොළඹ, ලංකාපුවත්) – සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් ප්‍රථම වතාවට අගයන් මත එකතු කළ බද්ද හෙවත් වැට් බදු හඳුන්වාදී තිබේ.

මේ සමග බොහෝ භාණ්ඩ හා සේවාවන් සඳහා 5%ක වැට් බද්දක් අය කෙරෙනු ඇත.

බදු රහිත දිවි පෙවෙතක් තිබීම හේතුවෙන් ගල්ෆ් කලාපීය රටවල් රැසක් විදෙස් ශ්‍රමිකයන්ගේ ආකර්ශනයට ලක්ව තිබුණි. එහෙත් ඛනිජ තෙල් මිල පහලයාම හේතුවෙන් එම රටවල්වලට තම ආදායම ඉහල නංවා ගැනීමේ ගැටලු මතුවී තිබේ.

ඒ අනුව ඊයේ දින සිට මෙම බදු ක්‍රියාත්මක කර ඇතැයි සදහන් වේ.

පළමු වසරේ බදු ආදායම ලෙස ඩිරාම් කෝටි 1200ක ආදායමක් ලැබෙනු ඇති බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇස්තමේන්තු කර තිබේ. කෙසේ වෙතත් ආදායම් බදු අයකිරීමක් සිදු නොකරන බව විදෙස් වාර්තා සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen − one =