බම්බලපිටියේ සිංගර් මෙගා ගිනි ගනියි

(කොළඹ, ලංකාපුවත්) –බම්බලපිටිය, ඩුප්ලිකේෂන් පාරේ පිහිටි සිංගර් මෙගා වෙළෙදසැලේ ඊයේ (01) රාත්‍රියේ හදිසි ගින්නක් හටගෙන ඇත.

‍රාත්‍රී 09.55ට පමණ ඇතිව තිබෙන මෙම ගින්න පිළිබඳව පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත වහා ක්‍රියාත්මක වී ඇති බම්බලපිටිය පොලිසිය, ප්‍රදේශවාසීන්, විදුලිබල මණ්ඉලයේ නිලධාරීන් හා කොළම නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ සහාය ඇතිව ගින්න මැඩ පවත්වා තිබේ.

ගින්න හේතුවෙන් ජීවිත හානි තුවාල කිසිවක් සිදුව නොමැත. සිදුව ඇති අලාභය සම්බන්ධයෙන් තක්සේරු කර නොමැති බව පොලිසිය පැවසීය.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

බම්බලපිටිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *