යැන්ග්ගොන් හා කොළඹ අතර නව පෝෂක නැව් සේවාවක්

(කොළඹ, ලංකාපුවත්) – යැන්ග්ගොන් – චෙන්නායි – කොළඹ යන වරායන් කේන්ද්‍ර කර ගනිමින් නව පෝෂක නැව් සේවාවක් ආරම්භ වේ.

ඒ යටතේ කොළඹ වරාය වෙත සිය ප්‍රථම ආගමනය සිදු කරමින් MV Sea Pearl පෝෂක නෞකාව පසුගිය දෙසැම්බර් මාසයේ දී කොළඹ වරායේ ශ්‍රී ලංකා වරයා අධිකාරියට අයත් ජයබහලු පර්යන්තයට සේන්දු විය.

මෙම සේවාවේ ශ්‍රී ලාංකික නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ අරින්මා මැරීන් සර්විස් පුද්ගලික සමාගම ය.

MV Sea Pearl නෞකාවේ ප්‍රථම ආගමනය සනිටුහන් කරමින් සී පර්ල් නෞකාවේ කපිතාන් ක්වැල්චක් වැයිචේලොව් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්‍ෂ (මෙහෙයුම්) ඩී. ඒ. ජයන්ත පෙරේරා යන මහත්වරු අතර සමරු ළුලක හුවමාරුවක් ද නෞකාව මත දී සීදුවිය.

මෙම නැව් සේවාව දින 10කට වරක් කොළඹ වරයාට පැමිණෙන අතර අපේක්‍ෂිත වර්ධනයන් සමඟ එහි ගමන් වාර දින 05කට වරක් සිදු කිරීමට බලාපොරොත්තු වේ.

 

 

 

 

 

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven + fourteen =