රත්හදුන් ඡාවාරම්කර ශ්‍රී ලංකාවේ සැඟව සිටින්නන් සොයා ඉන්දියාවෙන් මෙහෙයුමක්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාව තුළ රත්හදුන් ජාවාරමේ නිරතව සිට මේවන විට විවිධ රටවවල සැඟව සිටින සැකකරුවන් සොයා එම රටවලින් පිටුවහල් කිරීමේ වැඩපිළිවෙලක් සදහා ඉන්දියාවේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව, ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබා ගැනීමට තීරණය කර ඇත.

චීනය, මැලේසියාව, ඩුබායි, අබුඩාබි, ශ්රී ලංකාව, නේපාලය, සිංගප්පූරුව සහ මියන්මාරය වැනි රටවල මෙම ජාවාරම්කරුවන් සැගව සිටින බවට තොරතුරු ලැබී ඇතැයි ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් වරාකා තිරුමාලා රාවෝ සදහන් කර ඇතැයි හින්දු පුවත්පත වාර්තා කර තිබේ.

එවැනි ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් ඉන්දියාවේ පොලිස් ස්ථානවලින් තොරුතුරු එක් රැස්කිරීමේ වැඩපිළිවෙලක් ඉන්දීය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇති බව සදහන්ය. අනතුරුව එම තොරතුරු ජාත්‍යන්තර පොලිසියට ලබා දීමට නියමිත ය.

සැකකරුවන් 30දෙනෙකු පමණ විවිධ රටවල මෙලෙස නීති විරෝධීව සැගව සිටින බව සදහන් ය.

ඉන්දීය නීති විරෝධී මත්ද්‍රරව්‍ය නිවාරණ කාර්ය සාධක බලකාය විසින් රත්හදුන් වගාවන් ආරක්‍ෂා කර ගැනීමට විශාල දායකත්වයක් ලබා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − fourteen =