ජපන් ගිහින් නමක් තිබ්බ ශ්‍රී ලාංකික තරුණියක්

(කොළඹ, ලංකාපුවත්) – ජපානයේ ටෝකියෝ නුවර නිහෝන්සායි ඩයිහකු විශ්වවිද්‍යාලය වාර්ෂිකව සංවිධානය කරන ජපන් භාෂා ජාත්‍යන්තර කථික තරඟාවලියේදි එරට අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික තරුණියක් එහි පළමු ස්ථානය දිනාගෙන තිබේ.

මෙම ජයග්‍රහණය ලබා ඇත්තේ රාගම පදිංචි ගම්පහ යසෝදරා බාලිකා විදුහලින් අධ්‍යාපනය ලබා කැළණිය විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ උපාධිධාරිණියක් වු විමුක්ති මාධවී ඇහැලේපොළ නම් 25 හැවිරිදි තරුණියකි.

වසර දෙකක පමණ කාලයක සිට එරට විශ්ව විද්‍යාලයක ග්‍රැෆික් හා ඇනිමේෂන් තාක්ෂණවේදි උපාධියක් හදාරන ඇය මෙම තරඟාවලියට විවිධ රටවලින් එක්වු 1800 ක් සිසු සිසුවියන් අතරින් මෙම ජයග්‍රහණය ලබාගෙන ඇත.

ජපානයේදී මෙවැනි ජයග්‍රහණයක් ලබාගත් පළමු ලාංකික තරුණිය ඇය බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *