බාල කිරිපිටි අනායනය කරන කිරිපිට සමාගම් වලට එරෙහිව පියවර

(කොළඹ, ලංකාපුවත්) – මෙරටට බාල කිරිපිටි ආනායනය කරන කිරිපිටි සමාගමි වලට එරෙහිව සතියක් ඇතුලත අවශ්‍ය පියවර ගන්නා බව ග‍්‍රාමීය ආර්ථිකය පිලිබද අමාත්‍ය පි. හැරිසන් මහතා අවධාරණය කරයි.

අඹේවෙල හයිලන්ඩි කිරිපිරි කර්මාන්ත ශාලාවේ ඊයේ (01) නීරික්‍ෂණ චාරිකාවකට එක්විමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

රටේ අවශ්‍යතාවයට පමණක් කිරිපිරි ආනයන කිරිමටත් දේශිය කිරිපිටි කර්මාන්ත නගා සිටුවිමට තව දුරටත් සහන සැලසිමට කටයුතු කර ඇති බව අමාත්‍යවරයා කියා සිටියාය.

මෙරටට නිෂ්පාදනය කරන අයිස් ක්‍රීම්, යෝගට් වලටද ප‍්‍රමිතියක් හදුන්වා දිමට කටයුතු කරන බවත් පැවසු අමාත්‍යවරයා කියාසිටියේ වත්මන් රජය බලයට පත්වන විට මෙරට දියර කිරි පරිභෝජනය 20%ක් තිබු බවත් එය මේ වන විට 50% ආසන්න ප‍්‍රමාණයකට ගෙනවිත් ඇති බවත් ය. දියර කිරි – දේශිය කිරි කර්මාන්තය නංවාලිම සදහා පාසල් ළමුන් අතර දැනට ලබා දෙන දියර කිරි පෙර පාසල් ළමුන්ටද ලබා දිමට ඉදිරියේදි කටයුතු කරන බවයි අමාත්‍යවරයා කිය.

මෙරට තුල කිරිපිටි භාවිතය වෙනුවට දියර කිරි පරිභෝජනය වැඩි කිරිමට 2020 වසර වන විට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *