මොරගහකන්දේ මංගල දියවර නිකුත් කිරීම ජනවාරි 08වනදා ජනපති අතින්

(කොළඹ, ලංකාපුවත්) – මෙරට ඉදිවන අවසන් වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද කළු ගඟ වාරි ව්‍යාපෘතියේ මංගල දියවර නිතුක් කිරීම ජනවාරි 08 වනදා සිදු කෙරේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එය සිදුකිරිමට නියමිතය.

වයඹ, උතුරු මැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත් වල හෙක්ටයාර් අසූ දෙදහසක වගා බිම් සඳහා යල මහ දෙකන්නයට දියවර නිකුත් කිරිම ආරම්භ කිරීම මෙහිදි සිදුකරනු ලබයි.

මේ වන විට ජලාශයේ ජල මට්ටම මුහුදු මට්ටමේ සිට අක්කර අඩි 184 යි දශම 95 ක් බව ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරී පී.ජී. දයානන්ද මහතා සදහන් කළේය.

ජලාශයේ සම්පුර්ණ ජල ධාරිතාව අක්කර අඩි හය ලක්ෂ හැට දහසකි. එය පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව මෙන් හය ගුණයකි.

මෙරට ඉදිවු ජලාශ අතරින් සුවිශේෂි ස්ථානයක් හිමිවන මොරගහ කන්ද ජලාශයේ වැඩ ආරම්භ වන්නේ 2007.ජනවාරි 25 වන දිනය.

රුපියල් කෝටි දහඅටදහස් එකසීයක පමණ වියදමින් ඉදිකර ඇති මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ වැඩ කටයුතු මේ වන විට අවසන් වී තිබේ.

නකල්ස් කඳු නිම්නයේ සිට වසර ගනනාවක් තිස්සේ අඹන්ගඟ හරහා ගලා ගිය ජල කඳ හරස් කර මොරගහකන්ද ජලාශය ඉදිකර ඇති අතර මොරගහකන්දට යාබදින් ගලා බසින කළුගඟ හරස්කර ඉදිවන නව ජලාශයේ ජලය ද මොරගහකන්දට සපයනු ලබයි.

ශ්‍රී ලංකාවේ දී දැකිය හැකි ගල් පිරවු ප්‍රධාන වෙල්ලක්, කොන්ක්‍රිට් කරන ලද වේල්ලක් මෙන්ම පස් වලින් සැදු වේල්ලක් යන වේලි තුනකින් යුතු එකම ජලාශ මොරගහකන්ද ජලාශය වීම ද විශේෂත්වයකි.

ව්‍යාපෘතිය හේතුවෙන් නාඋල හා ලග්ගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ වල අවතැන් වන පුවල් 3500 ක් පමණ මේ වන විට නැවත පදිංචිකිරිම් සිදුකර අවශ්‍ය යටිතල පහසුකම් සිදුකර අවසන් බව ව්‍යාපාතියේ මහජන සම්බන්ධතා නිලධාරි දයානන්ද මහතා පැවසීය.

අවතැන් පවුල්වල දේපල අහිමිවීම් සඳහා වන්දි මුදල් මෙන්ම යටිතල පහසුකම් නැන්වීම ස`දහා අවශ්‍යය පහසුකම්ද සකසා තිබේ.

මොරගහ කන්ද ජලාශය ව්‍යාපාතියේ ජලය රැගෙන යෑම සඳහා ඉදිවන ඉහල ඇලහැර ව්‍යාපෘතිය මහකනදරාව දක්වා දිවයන අතර එහි දිග කිලෝමීටර් 94 කි. එයට කිලෝමීටර් 26 ක් දිග උමං මාර්ගයක් ද ඇතුළත්ය.

වයඹ ප්‍රදේශයට ජලය සැපයෙන ඇල කිලෝමීටර් 93 කි.

මීට අමතරව ව්‍යාපෘතිය හේතුවෙන් ප්‍රදේශ රැසක ලොකු කුඩා වැවි 1200 ට ඇලහැර ව්‍යාපෘතිය හේතුවෙන් ජලය සැපයේ.

වයඹ සංවර්ධණ ව්‍යාපෘතිය මගින් කුඩා වැව් 303 ක් සහ මැදිරිගිරිය සංවර්ධන ප්‍රදේශයේ පමණක් සංවර්ධණය වන වැව් සංඛ්‍යාව 32 කි.

මීට අමතරව ලග්ගල ප්‍රදේශයේ වැව් 16 ක් නැවත සංවර්ධනය කිරීම ව්‍යාපෘතිය තුළින් සිදුවන්නකි.

ජලාශයෙන් අපේක්ෂිත මිරිදිය මත්ස්‍ය නිෂ්පාදන ධාරිතාව වාර්ෂිකව ටොන් තුන් දහසකි. එමගින් අපේක්ෂිත වාර්ෂික ආදායම රුපියල් මිලියන 225 කි.

මීට අමතරව මොරගහකනද්ද ජලාශය තුළින් මෙගා වොට් 25 විදුලි බල ප්‍රමාණයක් ජාතික විදුලි පද්ධතියට එක්කිරිමට ද නියමිතය. එමගින් ඉතිරිවන ඉන්ධන පිරිවැය ප්‍රමාණය රුපියල් මිලියන 336 කි.

මොරගහකන්ද ජලාශය ආශ්‍රිතව වාර්ෂිකව ඇදහැළෙන වර්ෂාපතනය ඝණ මීටර් මිලියන 818 ක් වන අතර ඒ මහා ජල කඳ මුහුදට ගලායෑම වලකා ජලාශයේ රඳවා ගැනීම හේතුවෙන් මනම්පිටිය හා සෝමාවතිය ප්‍රදේශවලට වාර්ෂිකව ඇතිවන ගංවතුර තත්ත්වය අවම කිරීමට හැකියාව ලැබි තිබේ.

පළාත් තුනක වෙසෙන දහස් ගනනක් වු ගොවි පවුල් ස`දහා ඝෘජු ආර්ථීක වටිනාකමක් සැලසෙන කඩිනම් මහවැලි සංවර්ධන වැඩසටහනේ අවසන් වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද කළුගඟ වාරි ව්‍යාපාතිය ලබන ජනවාරි 08 වෙනිදා ජනතා අයිතියට පවරා දෙනු ලබන්නේ මෙවන් පසුබිමකය.

‘පරපුරක් දුටු ආශ්චර්යයේ සිහිනය’ ලෙස ජනාධිපතිතුමන් දුටු සිහිනය සැබෑවන දිනය අත ලගය.
ඒ තුළින් මුලූ මහත් ජාතියටම හිමිවන ප්‍රතිලාභ අති මහත්ය.
වරෙක ගිනියම් වු මෙන්ම වරෙක අකාරුනික වු මහ පොළොව සිසිල් ජලයෙන් තෙමී යන දිනය තව වැඩි ඈතක නොවේ.
දිය පොදක් නොමැතිව කෙඩෑරි වී ගිය මහ පොළොව තෙමා ලන නිමේශයේ එවකට මහවැලි සංවර්ධන අමාත්‍යවරයා මෙන්ම වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම අවස්ථාවට එක්වන්නේ ඉහත කී කේඩෑරි වු මහපොලවේම උපන් ගොවි පුතෙකු වීමද සැබැවින්ම විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *