අමෙරිකාව පාකිස්තානයට යුද ආධාර සැපයීම අත්හිටුවයි

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාව පාකිස්තානයට යුද ආධාර සැපයීම අත්හිටුවා තිබේ.

ඒ අනුව පාකිස්තානයට ලබාදීමට නියමිතව තිබූ අමෙරිකා ඩොලර් මිලියන 255ක යුද ආධාර කපාහැර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පාකිස්තානය තම රට මුලාවට පත්කළ බව සහ ත්‍රස්තවාදීන් ආරක්ෂා කරන බවට චෝදනා එල්ලකර පැය කිහිපයකට පසුව මෙම තීරණය ගෙන ඇතැයි සදහන් ය.

පසුගිය වසර පහළොව තුළ අමෙරිකාව පාකිස්තානයට අඥාන ලෙස ආධාර ලබාදී තිබූ බවද ජනපති ට්‍රම්ප් මින් පෙර ප්‍රකාශ කර තිබුණි.

ට්‍රම්ප්ගේ චෝදනාවට ප්‍රතිචාර දැක්වූ පාකිස්තාන ආරක්ෂක අමාත්‍යාංශය කියා සිටියේ අමෙරිකාවේ ත්‍රස්ත මර්දන ක්‍රියාවලියට දැක්වූ සහයෝගයට ඔවුන් ආවේගශීලීව සහ අවිශ්වාසදායක ලෙස ප්‍රතිචාර දක්වා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 + 1 =