මැතිවරණ නීති උල්ලංඝණය කළොත් දැඩි කි‍්‍රයාමාර්ග

(කොළඹ, ලංකාපුවත්) – මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා මෙන්ම මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් දැඩි කි‍්‍රයාමාර්ග ගත හැකි ආකාරය පිළිබඳව අද (03) සාකච්ඡාවක් පැවැත්විණ.

පෙරවරු 10.30 ට එම සාකච්ඡාව ආරම්භ වුයේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළු සහ ලැබි ඇති පැමිණිලි සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වී ඇත.

මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළ මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 24 ක් වාර්තා වී ඇති අතර අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 59 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *