ශ්‍රී ලංකාවේ සිසුන්ට ඩිජිටල් කුසලතාවයන් ලබා දීම සදහා මයික්‍රොසොෆ්ට් මගින් වැඩසටහනක්

(කොළඹ, ලංකාපුවත්) – Code.org විසින් දියත් කර ඇති ‘අවර් ඔෆ් කෝඩ්’ වැඩසටහනට සහාය දක්වමින් මයික්‍රොසොෆ්ට් ශ්‍රී ලංකාවේ නන් දෙසින් පැමිණි සිසුන් 200 ක් සහභාගී කරවා ගෙන ජනාධිපති මන්දිරයේ දී ‘අවර් ඔෆ් කෝඩ්’ වැඩසටහන පසුගියදා දියත් කරනු ලැබීය.

අනාගතය ජය ගැනීම සදහා අවශ්‍ය පරිගණක විද්‍යාව ඉගෙන ගැනීම සදහා ශ්‍රී ලාංකීය තරුණයන් පෙළඹවීම මෙම වැඩසටහනේ අරමුණ වේ.

මෙම සිසුන් සදහා පැවැත්වූ පරිගණක සංකේතකරණය පිළිබදව පැයක අධ්‍යයන වැඩසටහන, මයික්‍රොසොෆ්ට් විසින් පරිගණක විද්‍යා අධ්‍යාපන සතියේ දී (දෙසැම්බර් 4 -10) මෙලෙස අඛණ්ඩව පැවැත්වූ තෙවෙනි වැඩසටහන වේ. මෙම වැඩසටහනේ දී හවුල්කාරී ආයතන බොහෝදෙනෙක් තරුණ සිසුන්ට පරිගණක සංකේතකරණය පිළිබදව ඉගැන්වීම සදහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වන ලදි.

හවුල්කාර ආයතන විසින් නොමිලේ මෙහෙයවන නිබන්ධන හරහා පරිගණක සංකේතකරණය පිළිබදව මූලික අධ්‍යාපනය සිසුන්ට පිරිනැමීමේ අවස්ථාවක් මෙම ‘අවර් ඔෆ් කෝඩ්’ වැඩසටහන හරහා ආයතනවලට පිරිනැමේ. පරිගණක විද්‍යාව පිළිබදව පැයක හදුන්වාදීමේ ක්‍රියාකාරකමක් සමග ආරම්භ කළ මෙම වැඩසටහන පරිගණක සංකේතකරණය පිළිබඳව සරලව ඉගැන්විය.

මීළග පරම්පරාව අනාගත අවශ්‍යතාවයන් සදහා සුදානම් කිරීමට සහාය වීමේ අරමුණ ඇතිව මයික්‍රොසොෆ්ට් විසින් දියත් කළ ඉතාමත් වැදගත් ඉසව්වකි මෙම වැඩසටහන. තාක්ෂණයේ විශාල දියුණුවත් සමග අද සිසුන් පෙර පරම්පරාවන්ට වඩා වෙනස් ආකාරයට අනාගත ශ්‍රමබලකායට මුහුණ දේ. විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරුකරණය සහ ගණිතය යන විෂයන් පිළිබදව දැනුම ලබා ගත් සිසුන්ට ඩිජිටල් ලෝකය තුළ අනගි අවස්ථාවන් ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *