48 දෙනෙකුට මරු කැදවූ මාරක රිය අනතුර

(කොළඹ, ලංකාපුවත්) – පේරු රාජ්‍යයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 48 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙන බව සීඑන්එන් පුවත් සේවය වාර්තා කර ඇත.

මගීන් පිරිසක් රැගත් බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 330 ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සදහන් වේ. අනතුර සිදුවන අවස්ථාවේ මෙම බස් රථයේ පුද්ගලයින් 50ක පමණ සිට ඇති බව සදහන්ය.

අනතුරින් 06 දෙනෙක් දිවි ගලවාගෙන ඇති බව පැවසේ. ඔවුන් ද තුවාල ලබා රෝහල් ගත කර ඇත.

කෙසේවෙතත් මෙම අනතුරට හේතුව මෙතෙක් නිශ්චිතව තහවුරු වී නොමැති අතර රියදුරුට රථය පාලනය කර ගත නොහැකිව මෙලෙස මාර්ගයෙන් ඉවතට පැන පෙරලෙන්නට ඇති බවට විශ්වාස කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *