LTTE ලාංඡනය සහිත සුබපැතුම් යවා අයෙක් අත්අඩංගුවේ

(කොළඹ, ලංකාපුවත්) – එල්. ටී. ටී. ඊ. ත්‍රස්ත සංවිධානයේ ලාංඡනය සහිතව නව අවුරුද්දට ෆේස්බුක් හරහා සුබ පැතුම් යැවූ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

රත්නපුර,ඇලපාත, මිල්ලවිටිය වත්තේදී ඊයේ සවස අදාළ පුද්ගලයා රත්නපුර පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බව ද සදහන්වේ.

අත්අඩංගුවට පත් පුද්ගලයා සිය ෆේස්බුක් ගිණුම භාවිත කර එල්. ටී. ටී. ඊ. ලාංඡනය සහිතව 2018 නව වසරට සුබපැතුම් පණිවුඩ යවන බවට ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *