ඉදිරි නියඟයට මුහුණ දෙන්න මිලියන 235ක පානීය ජල බවුසර්

(කොළඹ, ලංකාපුවත්) – සැමට පිරිසිදු පානීය ජලය ලබා දීමේ රජයේ වැඩසටහනට අනුව නියං කාලවලදී ප්‍රයෝජනයට ගතහැකි වන පරිදි ජල බවුසර් බෙදා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරේ.

නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශ පරිශ්‍රයේ දී උත්සවය පැවැත්වුණි.

ජලය ලීටර හාරදහසේ සිට නවදහස දක්වා ධාරිතාවකින් යුතු බවුසර 13ක් බෙදා දෙනු ලැබීය. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 235කි.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ඩී ජී එම් වී හපුආරච්චි මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *