මේ වසරේ සතොස අලෙවිසැල් 100ක්

(කොළඹ, ලංකාපුවත්) – මේ වසරේ සතොස අලෙවිසැල් 100ක් අලුතින් ආරම්භ කිරිමට සැලසුම් කර ඇති බව, අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ජංගම අලෙවිරථ සංඛ්‍යාව ද සියය දක්වා වැඩි කරන බව ඇමතිවරයා සදහන් කළේය. ඒ ඔස්සේ වෙළෙදපොළ තරගකාරීත්වය තුළින් භාණ්ඩ මිල ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමට හැකිවනු ඇත.

මේ වන විට සතොස ආයතනය සතු අලෙවිසැල් සංඛ්‍යාව 400කි. පසුගිය දෙසතිය තුළ නව අලෙවිසැල් 28ක් විවෘත කර තිබේ.

අලුතෙන් ආරම්භ කිරීමට යන අලෙවිසැල් 25ක් සුපිරි මෙගා අලෙවිසැලක් වීම විශේෂත්වයකි.

පළමු මෙගා අලෙවිසැල හෙට වැලිසරදී විවෘත කෙරේ.

ජංගම අලෙවි රථ අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන, ග්‍රාමීය පොල, ජනාකීර්ණ ස්ථාන හා දිවයිනේ විවිධ ප්‍රදේශවල සේවයේ යෙදවීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen + 16 =